නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ සහ බලපත්‍ර රහිතව ධිවර කටයුතුවල නිරතවිම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය මැයි 09 වන දින වෙල්ලමුන්ඩාලම් සහ කොලම්කනත්ත යන මුහුදු ප්‍රදේශවල සිදු කරන ලද මුර සංචාරයකදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව කැස්බෑ මස් කිලෝග්‍රෑම් 10 ක් සහ අල්ලන ලද මසුන් කිලෝගෑම් 10 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, මත්ස්‍ය තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත භාර වනජීවී නිලධාරි වෙත භාර දීමට කටයුතු කෙරිණි.

පසුගිය ‍මැයි 09 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නැගෙනහිර මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයකදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා දෙකක්, තහනම් දැල් 02 ක් සහ අල්ලන ලද මසුන් කිලෝගෑම් 411 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මත්ස්‍ය තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දෙන ලදී.

තවද, නාවික හමුදාවට ලද තොරතුරක් මත ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ කල්මුණේයි ධිවර පරික්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පසුගිය මැයි 09 වන දින කල්මුණේයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසී කිරීමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. එහීදි ඔවුන් සතුව තිබි කිමිදුම් උපකරණ, අල්ලන ලද පොකිරිස්සන් 04 දෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, පොකිරිස්සන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේයි, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

පසුගිය මැයි 11 වන දින උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වැල්වැටිතුරෙයි මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයකදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී කිමිදුම් උපකරණ සහ නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කුඩැල්ලන් ක්‍රිලෝග්‍රෑම් 40 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මුහුදු කුඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව, ධීවර පරික්‍ෂක වෙත භාර දෙන ලදී.

තවද, නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය මැයි 12 වන දින නොර්වේ දුපත ආසන්නයේ සිදු කළ සෝදිසී කිරීමකදී බලපත්‍ර රහිතව ධිවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අල්ලන ලද මාළු කිලෝග්‍රෑම් 25 ක් සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින්, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.