විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් පිදුම් ලබයි
 

ජාතික රණවිරු දිනයට සමගාමීව, වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානය කිරීමේ උත්සවය, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් 50 දෙනෙකු මෙම පදක්කමෙන් පිදුම් ලැබීය.

මෙම පදක්කමෙන් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසට, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළුව රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා, රියර් අද්මිරාල් ජයන්ත රණසිංහ මහතා, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා, රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා, රියර් අද්මිරාල් එන්කේඩී නානයක්කාර මහතා, රියර් අද්මිරාල් එම්ඒ ආනන්ද මහතා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, රියර් අද්මිරාල් එම්යුකේවී බණ්ඩාර මහතා, රියර් අද්මිරාල් ඩීඊසී ජයකොඩි මහතා, රියර් අද්මිරාල් ඩබ්ලිව්එම්ඒවී ප්‍රනාන්දු මහතා, රියර් අද්මිරාල් ජේඒඩීඒ පෙරේරා මහතා, රියර් අද්මිරාල් ඩීසී ගුණවර්ධන මහතා, රියර් අද්මිරාල් කේකේජේ ද සිල්වා මහතා, රියර් අද්මිරාල් එස්ඩබ්ලිව්සී මොහොට්ටි මහතා, රියර් අද්මිරාල් සීආර් කුලසේකර මහතා, රියර් අද්මිරාල් පීඑම්එන්ඩී ප්‍රනාන්දු මහතා, රියර් අද්මිරාල් ජේඩී අමරනායක මහතා, රියර් අද්මිරාල් ඩබ්ලිව්එම්පීඑල් වීරසිංහ මහතා යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළත් වූහ.