ජාතික බීච් වොලිබෝල් තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට
 

ජාතික බ්ච් වොලිබෝල් තරඟාවලිය 2018 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ බීච් වොලිබෝල් පිටියේදී පසුගිය මැයි 19 වන දින නිමාවට පත් වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම පරාජය කරමින් කාන්තා ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.

නාවික හමුදා බිච් වොලිබෝල් කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් සාමාන්‍ය කාන්තා නාවික බීජී ගුණසිංහ ක්‍රීඩිකාව සහ සාමාන්‍ය කාන්තා නාවික ඒආර්ටී ලක්ෂානි සහභාගී වූ අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහභාගි විය.