පසුගිය දින කිහිපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, තවදුරටත් ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් ඇතුළුව සහන සැළසීමේ කණ්ඩායම් 41 ක් සහ ඩිංගි යාත්‍රා 41 ක් විවිධ ප්‍රදේශ වෙත අනුයුක්ත කර ඇත.