ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් ත්‍රිත්වයක් සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රීලංනානෞ ශක්ති නෞකාව හා වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් වන ශ්‍රිලංනානෞ රණජය සහ ශ්‍රිලංනානෞ රණවික්‍රම යන නෞකාවන් පසුගිය මැයි මස 22 වන දින සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරන ලදී.

එහිදී, ශක්ති නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් වරුන ෆර්ඩිනැන්ඩස්, රණජය නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් විජිත් ද සිල්වා සහ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ජනිත බුද්ධික යන නිලධාරීන් විසින් තම නෞකාවන්හී අංශ පිරික්සුම සිදු කරන ලදී. අනතුරුව නැව්මුළුවන් සමුහ ඡායාරූප සඳහා පෙනීසිටීමෙන් පසු නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව මංඟල භෝජන සංග්‍රහයක් (Badakana) පවත්වන ලදී.