ජාතික පරිසර සතියට සමගාමීව වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

ජාතික පරිසර සතියට සමගාමීව වෙරළ තීරයන් සහ කඩොලාන ආශ්‍රිතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර, ඒ අනුව අද (ජුනි 03) නැගෙනහිර සහ බටහිර නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිංහ සමාජය එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් මට්ටක්කුලිය, කාක දුපත ආශ්‍රීත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා ප්‍රදේශයේ මහජනතාව ද සහභාගීවි සිටියහ.

තවද, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ත්‍රිකුණාමලය ඇතුළු වරාය වෙරළ තීරය පිරිසිදු  කිරීමේ වැසඩහනක් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී පරිසරයට අහිතකර පොලිතීන්, ප්ලාස්ටික් සහ දිරාපත් නොවන ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන ලදී. මිට අමතරව නාවික හමුදාව සතු ආයතන සහ වෙරළ තීරයන් ආශ්‍රීත පරිසර පද්ධති පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් සිදු කරනු ලබයි. 

මට්ටක්කුලිය, කාක දූපත ආශ්‍රීත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

 

 

 

 

ත්‍රිකුණාමලය, ඇතුළු වරාය වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන