කොමාණ්ඩර් ආනන්ද දිසානායක මහතා ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ආනන්ද දිසානායක මහතා අද (ජුනි 06) වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් (සංඥා) ජනිත බුද්ධික මහතා විසින් කන්කසන්තුරෙයි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පිහිටි අංක 02 ජැටියේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සෙනරත් විජේසුරිය මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.