ලෝක සාගර දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
 

2018 ජුනි මස 08 වන දිනට යෙදී තිබූ ලෝක සාගර දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් ආවරණය වන පරිදි  පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය ජුනි මස 09 සහ 10 යන දෙදින තුල මාස් හෝල්ඩින්ග්ස් ආයතනය හා එක්ව නාවික හමුදාව ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව කල්පිටිය, කාක දුපත, හික්කඩුව, ගාල්ල, මිරිස්ස, හම්බන්තොට, ආරුගම්බේ, මඩකලපුව, නිලාවේලි, පේදුරුතුඩුව, තලෙයිමන්නාරම සහ නාගදිපය යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර, එළඹෙන ජුනි 21 වන දින ඩෙල්ෆ්ට් දූපත ආශ්‍රීත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒ අනුව, මෙම වැඩසටහන් මාලාව නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සහ සාගරික හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් සහ අධ්‍යක්‍ෂ නාවික සමුද්‍රීය ආවේක්‍ෂණ, කොමදෝරු සංජිව ඩයස් මහතාගේ අධික්‍ෂණය යටතේ සියළුම විධානයන්හි ආඥාපතිවරුන්ගේ හා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන් මාලාව සඳහා නාවික හමුදා සාමාජිකයින් 691 දෙනෙකු, මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ සාමාජිකයින් 434 දෙනෙකු සහ රාජ්‍ය ආයතන සහ සිවිල් සාමාජිකයින් 329 දෙනෙකු සහභාගීවී සිටියහ. මෙම වැඩසටහන් මාලාව අවසනායේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1235 ක් පොලිතීන් කිලෝග්‍රෑම් 503 ක්, විදුරු කිලෝග්‍රෑම් 1125 ක් සහ මිශ්‍ර අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5401 ක් පමණ ‍එකතු කර ගැනීමට හැකියාව ලැබුණි.

එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවි සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. තවද, මෙවර සාගර දිනයේ තේමාව ද ‘ප්ලාස්ටික් වලට එරෙහි සටන’ ලෙස නම් කර ඇති අතර, දූපත් රාජ්‍යක් ලෙස සාගර පරිසරය හා වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීම ශ්‍රී ලාංකීක අප සැමගේ වගකීමකි.

කල්පිටිය, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

 

 

 

 

මට්ටක්කුලිය, කාක දූපත ආශ්‍රීත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

හික්කඩුව, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

ගාල්ල, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

මිරිස්ස, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

හම්බන්තොට, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

ආරුගම්බේ, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

මඩකලපුව, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

ත්‍රිකුණාමලය, නිලාවේලි, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

යාපනය, පේදුරුතුඩුව, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

නාගදීපය, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

 

 

 

 

 

තලෙයිමන්නාරම, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන