වැදගත් සිදුවීම්

ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෲප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (ජුනි 13) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

13 Jun 2018

‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ජුනි 24 දා වැලිසර නාවික හමුදා ධාවන පථයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය ජුනි මස 24 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විමට නියමිතව ඇත.

13 Jun 2018

මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊ‍යේ (ජුනි 12) ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.

13 Jun 2018