ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සිය අභිමානවත් 12 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව ඊයේ (ජුනි 16) සිය අභිමානවත් 12 වන සංවත්සරය සමරන ලදී.

එහිදී, ශ්‍රීලංනානෞ ‘සාගර’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් (සංඥා) ජානක නිස්සංක මහතාගේ ප්‍රධානත්වයෙන් ‘සාගර’ නෞකාවේ 12 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් නැව්මුළුවට අයත් නාවික පුද්ගලයින්ගේ පවුල් වල සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විනෝද ක්‍රිඩා රැසකින් සමන්විත වු සුහද හමුවක් පැවැත්වීමට කටයුතු කරන ලදී. විවිධ තරඟ ඉසව් වල ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානයෙන් අනතුරුව නැව්මුළුව හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සමුහ ඡායාරූපයකටද පෙනී සිටියහ.