වැදගත් සිදුවීම්

‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ
 

තිස් වසරක කුරිරු යුද්ධයේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල හා ආබාධිත තත්ත්වයට ලක් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධන කටයුතු හා ඔවුන්ගේ ජිවිතය නගා සිටුවිමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවනවරටත් ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව සංවිධානය කරනු ලැබූ ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය ඊයේ (ජුනි 24) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය.

25 Jun 2018

එක්සත් ජනපද නාවික හමුදා නියෝජ්‍ය සහකාර ‍ලේකම් (අන්තර්ජාතික වැඩසටහන්) නාවික හමුදාධිපති හමුවෙයි
 

එක්සත් ජනපද නාවික දෙපාර්තමේන්තු කාර්යාලයේ නියෝජ්‍ය සහකාර ‍ලේකම් (අන්තර්ජාතික වැඩසටහන්), රියර් අද්මිරාල් ෆ්රැන්සිස් ඩී මොර්ලි මහතා ඇතුළු දූත පිරිස අද (ජුනි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

25 Jun 2018

උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ වෛද්‍ය කඳවුරක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (ජුනි 24) එළුවතිව් දූපතේ, ශාන්ත තෝමස් රෝමානු කතෝලික දේවාස්ථානයේදී වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

25 Jun 2018

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස නාවික හමුදා සිවිල් සේවක මහතෙකු ඇගයීමට ලක් කෙරේ
 

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පසුගිය ජුනි 09 වන දින රාජගිරිය, කලපලුවාව කුරුලු උයනේදී පැවැති අතර, එය සංවිධානය කර තිබුණේ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය විසිනි.

25 Jun 2018