වැදගත් සිදුවීම්

පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා (General Zubair Mahmood Hayat) අද (ජුනි 28) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

28 Jun 2018

කැනේඩියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් මයික් හෝගන් මහතා අද (ජුනි 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

28 Jun 2018

උතුම් වූ පොසොන් පොහෝ දිනය නාවික හමුදාව සැදැහැ සිතින් සමරයි
 

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරට ස්ථාපිත කිරීම සිදුවුණු පොසොන් පොහෝ දිනය ඊයේ (ජුනි 28) දිනට යෙදී තිබුණු අතර, පොසොන් පොහෝ දිනට සමගාමීව නාවික හමුදාව විසින් විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

28 Jun 2018

ආරක්‍ෂක සේවා කායවර්ධන තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදාවට
 

ආරක්‍ෂක සේවා කායවර්ධන තරඟාවලිය පසුගිය ජුනි 26 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැති අතර, නාවික හමුදා කණ්ඩායම එහි අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර, එහි ශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදාව සමත් වන ලදී.

28 Jun 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

28 Jun 2018