වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හෙට (ජුලි 02) දින සිට ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර ඇති අතර, හෙට දින සිට එතුමා සිය ධූරයේ රාජකාරී අරඹනු ඇත.

01 Jul 2018

232 වන ආධුනික බඳවා ගැනීමේ අන්තර් අංශ මළල ක්‍රීඩා තරඟාවලිය පැවැත්වෙයි
 

232 වන ආධුනික බඳවා ගැනීමේ අන්තර් අංශ මළල ක්‍රීඩා තරඟාවලිය ඊයේ (ජුනි 30) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතන ක්‍රීඩා පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

01 Jul 2018

පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා (General Zubair Mahmood Hayat) ඊයේ (ජුනි 30) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

01 Jul 2018

බංග්ලාදේශය හා මාලදිවයින නාවික නිලධාරීන් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කෙරේ
 

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත බංග්ලාදේශ සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) විශේෂ පුහුණුවක් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මඟින් ත්‍රිකුණාමලයේ පිහිටි එම බලඝණ මූලස්ථානයේදී පැවැත්විමට කටයුතු කරන ලදී.

01 Jul 2018

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි
 

ගාල්ල, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ඉෂාන් පුතා 03” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (ජුනි 30) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

01 Jul 2018