නැමීබියානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ නැමීබියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන එයාර් කොමදෝරු පාවෝ එල්වින්-පෝල් කමන්යා මහතා (Commodore Paavo Elwin-Paul Kamanya) අද දින (ජුලි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව‍ වෙත දක්වනු ලබන සහයෝගය පිළිබඳව කොමදෝරු ඇල්වින්-පෝල් කමන්යා මහතා හට සිය ස්තුතිය පුද කිරීමට ද නාවික හමුදාධිපතිතුමා කටයුතු කරන ලදී. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.