වැදගත් සිදුවීම්

නැගෙනහිර නාවික විධානයේ නව කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය විවෘත කරයි
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ‘තිස්ස’ ආයතනය යටතේ පාලනය වන ඔක්ස්ෆර්ඩ් සර්කස් නාවික අනුඛණ්ඩයෙහී ස්ථාපිත කරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් අද (ජුලි 04) නාවිකයින්ගේ අයිතියට පත්කෙරිණි.

04 Jul 2018

අනතුරට පත් TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව කොළඔ වරායට රැගෙන ඒම සඳහා නාවික හමුදාව සහය වෙයි
 

දීක්ඕවිට ප්‍රදේශයෙන් දියත් කරන ලද TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව ඊයේ (ජුලි 03) දින කොළඹ වරායේ සිට නාවික සැතපුම් 12 ක් පමණ දුරින් තිබියදී නෞකාවේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදේ අතරමංව සිටින බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත ටග් යා‍ත්‍රාවක් මගින් අනතුරට පත් නෞකාව කොළඹ වරාය වෙත ඇදගෙන ඒමට කටයුතු කෙරිණි.

04 Jul 2018

‘Navy.lk’රාජ්‍ය අංශයේ වෙබ් අඩවි අතරින් ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස නම් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය ‘www.navy.lk’, මොරටුව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොදම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය ‘Best Web 2018” තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස නම් කර ඇති අතර, රාජ්‍ය අංශයේ හොදම වෙබ් අඩවි අතරින් තෙවන ස්ථානයද හිමිකර ගැනීමට සමත් විය.

04 Jul 2018

රූමස්සල බොනීටා ළමා නිවාසයේ දැරියක් අසල ප්‍රපාතයකට වැටී සිටියදී නාවික හමුදා සහයෙන් බේරා ගනී
 

ඊයේ (ජුලි 03) සවස 05.00 පැයට පමණ ගාල්ල රූමස්සල පිහිටි බොනීටා ළමා නිවාසයේ දැරියක් ඒ අසල ප්‍රපාතයකට ඇදවැටී හදිසි අනතුරක් සිදුවී ඇති බව ගාල්ල වරාය පොලීසිය මගින් දකුණු නාවික විධාන මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ උපදෙස් පරිදී කඩිනමින් ක්‍රියාත්මක වු විශේෂයාත්‍රා හා කිමිදුම් අංශයේ නාවිකයින් පිරිසක් එක්ව එම ස්ථානයට ගොස් මහත් වු පරිශ්‍රමයක් දරා එම දැරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ අතර, සුළු තුවාල ලබා සිටි එම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයක් මගින් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුලත් කරන ලදී.

04 Jul 2018

අධ්‍යාපන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මුලස්ථානය වෙත පැමිණෙයි
 

එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ (Michel Tedzani Moyo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහල නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (ජුලි 03) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

04 Jul 2018