පිටකොටුව පළමුවන හරස්වීථියේ වෙළෙඳ සැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

අද (ජුලි 07) පිටකොටුව පළමු හරස්වීථියේ වෙළෙඳසැලක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් සහාය දැක්වීය. පිටකොටු පළමු හරස් වීථියේ පිහිටි වෙළෙඳසැලක් ගිනි ගන්නා බවට නාවික හමුදාවට තොරතුරු වාර්තා වූ සැනින් බටහිර නාවික විධානයට අයත් ගිනි නිවීමේ කණ්ඩායම් 02 ක් එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

එම ගිණි නිවීමේ කණ්ඩායම් සඳහා ගිනි නිවීමේ රථ 02 ක් සහ වතුර බවුසරයක් ඇතුළත් වූ අතර, මහත් පරිශ්‍රමයක් දරමින් ඔවුන් එම වෙළෙඳසැල පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට සහාය දක්වන ලදී.