සාර්ථක සංචාරයකින් අනතුරුව මාලදිවයින් ‘හුරාවී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ජුලි 7 වන දින කොළඹ වරායට සේන්දු වූ මාලදිවයින් වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුලි 9) දිවයිනෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.