සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ජුලි 7 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුලි 9) දිවයිනෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.