අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2017 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (ජුලි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට නාවික පර්යේෂණ අංශයේ ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ නාවික පුහුණු, කොමදෝරු ජයන්ත කුලරත්න මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (නාවික පර්යේෂණ ඒකකය) කපිතාන් ආර්ඒ රේමන්ඩ් මහතා සහභාගී විය. එහිදී අංශ 3 ක් යටතේ මෙම තරඟාවලිය පැවැත්වූ අතර, ඒ ඒ අංශ යටතේ මතු සඳහන් නිලධාරීන් සහ නාවිකයන් ජයග්‍රහණ හිමි කර ගන්නා ලදී.

කොමාණ්ඩර් නිලයෙන් ඉහළ නිලධාරීන් සඳහා වූ අංශය

ප්‍රථම ස්ථානය - කොමාණ්ඩර් (සංඥා) එන් දහනායක එන්ආර්එක්ස් 1296
දෙවන ස්ථානය - කොමාණ්ඩර් (මාලිමා) එච්පීආර්පී අමරසිංහ එන්ආර්එක්ස් 1304
තෙවන ස්ථානය - කොමාණ්ඩර් (අවි) එස්පී කත්‍රිආරච්චි එන්ආර්එක්ස් 0953

 

ලුතිනන් කොමාණ්ඩර් හා ඉන් පහළ නිලධාරීන් සඳහා වූ අංශය

ප්‍රථම ස්ථානය - ලුති. කොමාණ්ඩර් (අවි) ඩබ්එම්එස් චින්තක එන්ආර්එක්ස් 1645
දෙවන ස්ථානය - කපිතාන් (ජාශිබ) ඩබ්ඒඑස්එල් වික්‍රමසිංහ ඕ/7991
තෙවන ස්ථානය - ලුති.කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) ඒපීඒ ප්‍රසංග එන්ආර්එක්ස් 1849

 

නාවිකයන් සඳහා වූ තරඟාවලිය

ප්‍රථම ස්ථානය - සුළු නිලධාරි එම්එම්ජිසීපී සමරකෝන් අයිටී 42940
දෙවන ස්ථානය - බල නැවි කේඑම්ඒ‍කේ කහතුඩුව එක්ස්එස් 102848
තෙවන ස්ථානය - වෛද්‍ය සහයක ඩබ්එම්පීකේ වරණසුරිය එම්එම් 100112

 

නාවික පුද්ගලයන්ගේ කියවීමේ, ලිවීමේ හා පර්යේෂණ ආශ්‍රිත දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම රචනා තරඟාවලිය ආරම්භ ‍කෙරුණු අතර, අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු මහතාට කෙරෙන ගෞරවයක් වශයෙන් 2015 වර්ෂයේ සිට ‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු රචනා තරඟාවලිය’ ලෙස නම් කර එය සෑම වසරකම පැවැත්විමට කටයුතු කරනු ලබයි.