මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
 

ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) ඊයේ (ජුලි 15) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම වෙරළ තීරයේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම පුද්ගලයින් ඉන්දියාවේ චුට්ටි ගොමියා, පරස්බානී සහ බැංග්ලෝර් ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 25, 37 සහ 26 වන වියේ පසුවන පුද්ගලයින් වන අතර, තලෙයිමන්නාරම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත ඔවුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් තලෙයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.