වැදගත් සිදුවීම්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ඔකඳ සිට කතරගම දක්වා සිය පාද යාත්‍රාව අරඹයි
 

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පසුගිය ජුලි 14 වන දින ඔකඳ සිට කුමණ ජාතික උද්‍යානය හරහා කතරගම දක්වා පාද යාත්‍රාව ආරම්භ කරන ලදී.

16 Jul 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

16 Jul 2018

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 31 (තාක්‍ෂණික) සහ 32 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය සහ 57 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු පසුගිය ජුලි 14 අධිකාරියට පත් කරන ලදී. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු ඔවුන් විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.

16 Jul 2018

මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
 

ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) ඊයේ (ජුලි 15) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

16 Jul 2018

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයකදී පසුගිය ජුලි 14 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

16 Jul 2018

මන්නාරම පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ල සිසු අයිතියට
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ මන්නාරම, පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම පසුගිය ජුලි 13 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

16 Jul 2018