උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36.1 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 16) අනලතිව් දූපතට බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36.1 ක් සමඟ ඉන්දීය පුද්ගලයන් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, ඉන්දීය කුඩා වර්ගයේ යාත්‍රාවක් (Indian Dhow) මඟින් ඉන්දීයාවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් සිටියදි එම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයින් ඉන්දියාවේ තිරුවන්දනායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42, 31, 30 සහ 28 වන වියේ පසුවන පුද්ගලයින් වන අතර, අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ කුඩා වර්ගයේ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.