ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලා (Joint Combined Exchange Training) අභ්‍යාසය ඊයේ (ජුලි 17) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී. පාඨමාලාවේ සමාරම්භක උත්සවය සඳහා 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරි, කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු මහතා, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහ එක්සත් ජනපද නාවික හමුදා විශේෂ යුධ ඒකකයේ සාමාජිකයින් පිරිසක් සහභාගිවී සිටියහ.

තවද, මෙම පුහුණු අභ්‍යාසය වාර්ෂිකව පවත්වනු ලබන අතර, ඒ තුළින් පුහුණුව හා ආධාරක අවශ්‍යතා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය අවබෝධය සහ එකඟතාවය ලබා ගැනීමට නාවික පුද්ගලයින් හට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මෙන්ම 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහය සහ එක්සත් ජනපද නාවික හමුදා විශේෂ සටන් බලකාය මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන අතර, එය සති 04 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පවත්වනු ලබයි. මෙම අභ්‍යාසය තුළින් වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීම, එක්සත් ජනපද නාවික හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර දැනුම හුවමාරු කර ගැනීම ප්‍රධාන අරමුණු ලෙස හැදින්විය හැක.