අනවසර සංක්‍රමණිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දෙදෙනෙකු (02) ඊයේ (ජුලි 19) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, වැලිපර 01 ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

එහිදී, පිරිමි පුද්ගලයෙකු සහ ළමයෙකු  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන් කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. තලෙයිමන්නාරම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත ඔවුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් තලෙයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.