වැදගත් සිදුවීම්

නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් පසුගිය ජුලි 03 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “නෙලී දුව” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (ජුලි 20) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ඉන්දීය වෙරළාරක්‍ෂක බලකායේ සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

20 Jul 2018

අනවසර සංක්‍රමණිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දෙදෙනෙකු (02) ඊයේ (ජුලි 19) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, වැලිපර 01 ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

20 Jul 2018

නික්ම යාමට නියමිත රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කර්නල් දිමිත්‍රි මහයිලොව්ස්කි මහතා පසුගිය ජුලි 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

20 Jul 2018