නාවික හමුදා ජලමාන විද්‍යා ඒකකයේ ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි.
 

ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ ජලමාන විද්‍යා අංශයේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා පසුගිය 11 වන දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

ශ්‍රී ලංකා නාවික හමුදා ජලමාන විද්‍යා ඒකකය ශ්‍රී ලංකාව තුල සිදු කරගෙන යනු ලබන කටයුතුවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දැනුවත් කිරීම සඳහා මෙම නිල හමුව පැවැති අතර, ශ්‍රී ලංකාවේ ජලමාන විද්‍යා කටයුතු පිළිබඳව නාවික හමුදා දායකත්වය නිරූපණය කෙරෙන කෙටි වාර්තාමය වැඩසටහනක් නැරඹිමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගීවන ලදී.

එහිදී, ජලමාන විද්‍යා ඒකකයේ වර්තමානයේ ලද ජයග්‍රහණ සම්බන්ධයෙන් ජලමාන විද්‍යා අංශයේ ප්‍රධානී ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලය වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා විසින් සිය ප්‍රශංසාව පුද කළ අතර, ඒකකයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය ලබා දිමට කටයුතු කරන බව ද එතුමන් ප්‍රකාශ කරන ලදී.

ජලමාන විද්‍යා අංශයේ ප්‍රධානී විසින් නාවික හමුදා ජලමාන ඒකකය මඟින් නිර්මාණය කරන ලද සිතියම් දෙකක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත ප්‍රදානය කිරීමද එහිදී සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ජලමාන විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ මෙහෙයුම්, අධ්‍යක්‍ෂ දත්ත කළමණාකරණ ඇතුළු නිලධාරින් විශාල පිරිසක් සහභාගීවි සිටියහ.