කිලාලී කලපුවේදී පැවති ජිවිතාරක්‍ෂක පුහුණු සැසිය සාර්ථකව නිමාවට පත්වෙයි
 

ඟංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්ත්වයන් හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වු පුහුණු සැසියක් පසුගිය ජුලි මස 21 වන දින නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ, ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ, කිමිදුම් යන අංශයන්ගේ නාවිකයින් සහ ශ්‍රිලංනානෞ වේළුසුමන ආයතනයේ නිලධාරීන් සහ නාවිකයින්ගේ සහභාගිත්වයෙන් කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රද්ශයේදී සාර්ථකව පැවැත්විණි.

එහිදී ජලයේ ගිලෙමින් සිටින, ජලයේ ගසාගෙන යන පුද්ගලයන් වේගවත්ව, ආරක්‍ෂාකාරීව හා ජිවිතාරක්‍ෂක උපකරණ නිවැරදිව භාවිතා කරමින් මුදවා ගන්නා ආකාරය සහ පිහිනීමේ තාක්‍ෂණික ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත පුහුණු කණ්ඩායමට හැකි විය.