වැදගත් සිදුවීම්

එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් කලාපය භාර ප්‍රධානී, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් කලාපය භාර ප්‍රධානී, ජෙනරාල් රොබට් බ්‍රවුන් මහතා අද (ජුලි 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

23 Jul 2018

ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘Navy.lk’ රාජ්‍ය අංශයේ වෙබ් අඩවි අතරින් සම්මාන හිමිකර ගනී
 

ශ්‍රී ලංකාවේ හොදම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය “Best Web 2018” ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘navy.lk’ වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය‍ට හිමි සම්මානය සහ රාජ්‍ය අංශයේ හොදම වෙබ් අඩවි අතරින් තෙවන ස්ථානයට හිමි සම්මානය ද හිමි කරගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දීම‍‍ට සමත් වන ලදී.

23 Jul 2018

“බොස්ටන්” නෞකාවේ අනතුරට පත්වු රුසියානු ජාතිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.
 

අද (ජුනි 23) මුහුදේදී අනතුරට පත්වු රුසියානු ජාතිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව මගින් කටයුතු කරන ලදි.

23 Jul 2018

ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාව සිය 24 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය නෞකාව පසුගිය ජූලි 21 සිය අභිමානවත් 24 වන සංවත්සරය සමරන ලදී.

23 Jul 2018

කිලාලී කලපුවේදී පැවති ජිවිතාරක්‍ෂක පුහුණු සැසිය සාර්ථකව නිමාවට පත්වෙයි
 

ඟංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්ත්වයන් හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වු පුහුණු සැසියක් පසුගිය ජුලි මස 21 වන දින නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ, ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ, කිමිදුම් යන අංශයන්ගේ නාවිකයින් සහ ශ්‍රිලංනානෞ වේළුසුමන ආයතනයේ නිලධාරීන් සහ නාවිකයින්ගේ සහභාගිත්වයෙන් කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රද්ශයේදී සාර්ථකව පැවැත්විණි.

23 Jul 2018