කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා දකුණු නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති වශයෙන් ඊයේ (ජුලි 24) වැඩ භාර ගන්නා ලදී. පත්වීම් ලැබ මාරු වී යන හිටපු දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති, කොමදෝරු හසිත ගමගේ මහතා විසින් සිය ධූරයන්හි රාජකාරීන් කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා වෙත නිසියාකාරව භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නියෝජ්‍ය ආඥාපතිවරුන් දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වූ අතර, අනතුරුව කොමදෝරු හසිත ගමගේ මහතා හට සහෘද නිලධාරීන් සුභ පැතිමෙන් පසු සම්මාන මුරයක් මඟින් ආචාරය පිරිනමමින් සමුදීම සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා දකුණු විධානයේ ‍ආඥාපති තුමන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් රාජකාරි භාර ගැනීම

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති වශයෙන් රාජකාරි භාර ගැනීම