නාවික හමුදාව ලෝක කඩොලාන දිනය සමරයි
 

ලෝක කඩොලාන දිනයට සමගාමිව උතුරු හා වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි කලපු අශ්‍රිතව කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘති රැසක් ඊයේ (ජුලි 26) නාවික හමුදාව විසින් සිදු කරන ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු නාවික විධානයේ හදුනාගත් කලපු ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක කඩොලාන පැල 1000 කට වැඩි  ප්‍රමාණයක් රෝපණය කිරීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා උතුරුනාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගී වුහ.  

තවද, වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා භරණ ආයතනයේ බළ ප්‍රදේශයට අයත් මෝදර ගම් ආරුව ප්‍රදේශයේ කඩොලාන පැල රෝපණය කරන ලද අතර, ඒ සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා,  ශ්‍රි ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නාවික පුද්ගලයින්, මුල්ලිකුලම් රෝමානු කතෝලික පාසලේ ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ප්‍රදේශ වාසි ධීවර ජනතාව සහ සංචාරක විදේශිකයින් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වුහ. තවද, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළගණ මුලස්ථානය, ශ්‍රි ලංකා නාවික නෞකා තම්බපණ්නී ආයතනය, ශ්‍රි ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ ශ්‍රි ලංකා නාවික නෞකා විජය යන ආයතන වලදී ලෝක කඩොලාන දිනයට සමගාමිව කඩොලාන පැල සිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, වයඹ නාවික විධානය තුල කඩොලාන පැල 2170 ක ප්‍රමාණයක් රෝපණය කරන ලදී .

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට ‍කඩොලාන පැල ලක්ෂයකට අධික ප්‍රමාණයක් රෝපණය කර ඇත.


උතුරු නාවික විධානය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වයඹනාවික විධානය

ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළගණ මුලස්ථානය

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා භරණ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නී

 

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා විජය