වැදගත් සිදුවීම්

රුවන්ඩා ආරක්ෂක අමාත්‍යතුමා දකුණු නාවික විධානයේ සංචාරයක
 

කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගිවිම සඳහා මෙරටට පැමිණි රුවන්ඩා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ජේම්ස් කබාරේබේ (James Kabarebe) මහතා අද (අගෝස්තු 31) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

31 Aug 2018

සාර්ථක පුහුණු සංචාරයකින් අනතුරුව ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේජ්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පුහුණු සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 24 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් වන ‘ඇන්කරේජ්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව පසුගිය අගෝස්තු 28 වන දින දිවයිනෙන් පිටත් විය.

31 Aug 2018

ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ආරක්‍ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම ජර්මනිය බලා පිටත් වේ
 

12 වන ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කපිතාන් ජගත් කුමාර මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම පසුගිය අගෝස්තු 24 වන දින ජර්මනිය බලා පිටත්ව යන ලදී.

31 Aug 2018

යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත මුදල් පරිත්‍යාගයක්
 

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා විශ්‍රාමික සේවා පුද්ගලයින්ගේ සංගමය විසින් යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් සුළු නිලධාරි ඩීඑස් ආරියරත්න රණවිරුවා හට රුපියල් 425,000.00 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

30 Aug 2018

ශ්‍රීලංනානෞ ‘ජගතා’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) සමන් විජේසුන්දර මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජගතා’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) සමන් විජේසුන්දර මහතා අද (අගෝස්තු 29) වැඩ භාර ගන්නා ලදී.

29 Aug 2018

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී ( Major General SC Mohanty) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස ඊයේ (අගෝස්තු 28) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

29 Aug 2018

ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව භාර ගනී
 

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව නාවික හමුදාධීපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දිම ඊයේ (අගෝස්තු 27) හවායි දුපතේ හොනොලුලු හිදි සිදු කෙරුණි.

28 Aug 2018

මුහුදේදී ආපදාවට ලක් වූ ධීවරයින් හට නාවික හමුදාවෙන් සහාය
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පසුගිය අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමල ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 653 ක් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.

28 Aug 2018

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී ( Major General SC Mohanty) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (අගොස්තු 27) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

28 Aug 2018

නාවික හමුදා ඉව අල්ලන සුනඛයින් මෙහෙයුමක් සිදුකරයි
 

නැගෙනහිර නාවික විධානයේ එරක්කන්ඩි ප්‍රදේශයදී නාවික හමුදා සුනඛ සංචිතයට අනුයුක්ත සුනඛයින් දෙදෙනෙකු (02) යොදවා පසුගිය අගෝස්තු 26 වන දින සිදු කළ සොදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

28 Aug 2018