ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව විවාහක නාවික නිවාස ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
 

මොල්ලිකුලම්, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව විවාහක නාවික නිවාස ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වයඹ විධාන ආඥාපති රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 05) විවාහක නාවික නිවාස පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නාවික විවාහක නිවාස සංකිර්ණ වැඩසටහන ප්‍රථම අදියර යටතේ සිව්මහල් ගොඩනැගිල්ලට මුල් ගල තැබිම මෙලෙස සිදු කළ අතර, මෙම අවස්ථාව සඳහා වයඹ ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා මහතා සහ මොල්ලිකුලම් දේවස්ථානයේ ලොරන්ඩ් පියතුමන් ඇතුළු වයඹ නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම දැනට විවාහක නාවික නිවාස වල පදිංචිව සිටින නාවික පුද්ගලයින් පිරිසක් ද සහභාගීවී සිටියහ.