වැදගත් සිදුවීම්

ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න ශ්‍රීලංනානෞ වීරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යුද්ධ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වීරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න අද (අගොaස්තු 10) දින වැඩ භාර ගන්නා ලදී.

10 Aug 2018

ලංකා තැලසීමියා කවයේ කෘතඥතාවය නාවික හමුදාවට
 

ලංකා තැලසීමියා කවයේ සාමාජිකයින් විසින් තැලසීමියා රෝගීන් වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සේවය ඇගයීම සඳහා ගෞරවයක් ලෙස සිහිවටනයක් ප්‍රදානය කිරීම අද (අගෝස්තු 10) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදුකරන ලදි.

10 Aug 2018

රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය නාවික හමුදා මැරීන් සාමාජිකයින් සාර්ථකව අවසන් කෙරේ
 

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු ‘Rim of the Pacific’ (RIMPAC) - 2018 නාවික අභ්‍යාසයට සහභාගී විම සඳහා පසුගිය මැයි 21 වන දින දිවයිනෙන් පිටත්ව ගිය ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) සනත් මහින්ද ඇතුළු නාවික හමුදා මැරීන් බලකා සාමාජිකයින් පසුගිය 07 වන දින සිය අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනට පැමිණෙන ලදී.

10 Aug 2018

ඉසින්බැස්සගල තේක්ක රක්‍ෂිතයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

මැදවච්චිය, ඉසින්බැස්සගල තෙක්ක රක්‍ෂිතයේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 09) සමත් විය.

10 Aug 2018