වැදගත් සිදුවීම්

සාර්ථක සංචාරයකින් අනතුරුව චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය අගෝස්තු 08 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව අද දින (අගෝස්තු 11) සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

11 Aug 2018

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රා 04 ක් (ඩව් වර්ගයේ යාත්‍රා ) ඊයේ (අගෝස්තු 10) පස්වරු 0500 ට පමණ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

11 Aug 2018

කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා විසින් අද (අගෝස්තු 11) වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

11 Aug 2018

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) සාර්ථකව නිමාවට පත්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් සංවිධානය කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අගෝස්තු 10) ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

11 Aug 2018