නාවික හමුදාව රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 439 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් අද (අගෝස්තු 13) බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී.

රොෂාන් පුතා I නමැති එම බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජුලි 04 වන දින ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, එහි සිටි එක් ධීවරයෙකු හට හදිසි ලේ වමනය යාම හේතුවෙන් රෝගාතුර වී ඇත. මේ පිළිබඳව ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය විසින් දැනුම් දීමෙන් අනතුරුව රෝගියා රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව ත්‍රිකුණාමලය පාවුල් තුඩුවේ සිට නාවික සැතපුම 90 ක පමණ දුරකදී රෝගී ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.