ශ්‍රීලංනානෞ ‘රණගජ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) රුක්මන් වීරසේකර මහතා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණගජ’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) රුක්මන් වීරසේකර මහතා අද (අගෝස්තු 26) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක) නුවන් හේවාහක්මනගේ මහතා විසින් ත්‍රිකුණාමලය, නිකල්සන්කෝ ජැටිය පරිශ්‍රයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.