රුවන්ඩා ආරක්ෂක අමාත්‍යතුමා දකුණු නාවික විධානයේ සංචාරයක
 

කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගිවිම සඳහා මෙරටට පැමිණි රුවන්ඩා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ජේම්ස් කබාරේබේ (James Kabarebe) මහතා අද (අගෝස්තු 31) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදි නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව විධාන ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා විසින් විධාන මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

අනතුරුව ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ජේම්ස් මහතා ආඥාපතිතුමා සමඟ සුහද කථාබහක නිරත වූ අතර, එහිදී දකුණු නාවික විධානයේ ව්‍යුහය සහ නාවික හමුදාව සිදුකරනු ලබන කාර්යභාරය සම්බන්ධයෙන් අමාත්‍යතුමා දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. එම අවස්ථාව දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ශාන්ත කළුබෝවිල මහතා ඇතුළු දකුණු නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේනතු ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටියහ. එම විශේෂිත අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.