ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා ශ්‍රීලංනානෞ ‘රණවිජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා අද (සැප්තැම්බර් 03) වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) ප්‍රසන්න කුරේ මහතා විසින් කන්කසන්තුරෙයි, ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේ පිහිටි ජැටියේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.