ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
 

ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා කඳවුරේදී  ඊයේ (සැප්තැම්බර් 06) පැවැති  අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීය. එහිදී රන් පදක්කම් 26 ක්, රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කම් 19 ක්  හිමිකර ගනිමින් නාවික හමුදා කණ්ඩායම එහි ශූරතාවය හිමිකර ගැනීමට සමත් වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා වුෂු ක්‍රීඩා සංචිතයේ සභාපති, ලුතිනන් කොමාණ්ඩර් මොහොමඩ් ෆයිසාල් මහතා සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් පිරිසක් ද සහභාගිවි සිටියහ.