වැදගත් සිදුවීම්

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව කොළඹ වරායට සේන්දු වේ
 

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව අද (සැප්තැම්බර් 08) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය.

08 Sep 2018

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද යාත්‍රා දෙකක් වෙරළාරක්‍ෂක බලකායට ප්‍රදානය කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළබඩ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මඟින් (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වෙරළබඩ මුර යාත්‍රා දෙකක් (02) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට නිල වශයෙන් ප්‍රදානය කිරීම ඊයේ (සැප්තැම්බර් 07) කොළඹ, වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

08 Sep 2018

මෑත ඉතිහාසයේ සොයාගත් වැඩිම කේරළ ගංජා තොගය නාවික හමුදාව සොයා ගනී
 

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් තුනකට (03) අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී ඊයේ (සැප්තැම්බර් 07) ඉරණතිව් දුපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 284.05 ක් සොයා ගෙන ඇත.

08 Sep 2018