නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී නැගෙනහිර ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ධීවර පරීක්‍ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කෙරුණි.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 03 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණ යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් දෙකක් (02), ඩිංගි යාත්‍රා 02 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 533 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල්, ඩිංගි යාත්‍රා, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය සැප්තැම්බර් 03 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී අඩුක්කුපාර් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් දෙකක් (02), ඩිංගි යාත්‍රා 02 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 141 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල්, ඩිංගි යාත්‍රා, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 08 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් කල්කුඩා වෙරළ තීරයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.