වැදගත් සිදුවීම්

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව Bow Harmony නම් ඉන්ධන නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (සැප්තැම්බර් 10) කටයුතු කරන ලදී.

10 Sep 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 08 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (සැප්තැම්බර් 10) දිවයිනෙන් පිටත් විය.

10 Sep 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී නැගෙනහිර ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ධීවර පරීක්‍ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කෙරුණි.

10 Sep 2018