උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් සෙඩ්රික් යාත්‍රාවකට අයත් විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 09 වන දින පේදුරුතුඩුව ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 10 ක් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

එම කේරළ ගංජා තොගය ඇසුරුම් 48 ක බහා තිබූ අතර, කුඩා යාත්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට සැක පළ කෙරේ. මෙම පුද්ගලයින් යාපනය සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 32 සහ 36 වන වියේ පසුවන පුද්ගලයින් වන අතර, එහි වටිනාකම මිලියන 12 ක් පමණ වන බව අනුමාන කෙරේ. අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ කුඩා යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.