වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් අලම්පිල් මුහුදු තීරයේදී මිණිමුතු මෝරේකු බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 10) මුලතිව්, අලම්පිල් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරේකු (Whale shark – Rhincodon typus) බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කර ඇත.

11 Sep 2018

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 90 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (සැප්තැම්බර් 11) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් 90 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

11 Sep 2018

නාවික පවුල්වල දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ
 

2017 වසරේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට, විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්තැම්බර් 10) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි

11 Sep 2018

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් සෙඩ්රික් යාත්‍රාවකට අයත් විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 09 වන දින පේදුරුතුඩුව ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 10 ක් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

11 Sep 2018