ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට
 

කැළණිය විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි ඊයේ (සැප්තැම්බර් 12) පැවති 2018 ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියෙන් නාවික හමුදා කාන්තා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගන්නා ලදී. ‍තවද, තරඟාවලියේ දක්ෂතම ක්‍රිඩිකාවට හිම් සම්මානය ශ්‍රි ලංකා නාවික හමුදාවේ බල කාන්තා නැවි ඩබිසීඑම් වර්ණකුලසුරිය ක්‍රිඩිකාව විසින් දිනා ගන්නා ලදී.

නාවික හමුදා, අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් රියර් අද්මිරාල් උපුල් ඒකනායක මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් පිරිසක් ද සහභාගිවි සිටියහ.