කොමාණ්ඩර් හේමන්ත රණසිංහ මහතා ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් හේමන්ත රණසිංහ මහතා අද (සැප්තැම්බර් 14) වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් රුවන් කරුණාරත්න මහතා විසින් කන්කසන්තුරෙයි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පිහිටි ජැටියේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සෙනරත් විජේසුරිය මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.