සාර්ථක සංචාරයකින් අනතුරුව බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය සැප්තැම්බර් 12 වන දින කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව අද (සැප්තැම්බර් 16)  දින 05 ක  නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව අතරතුර බටහිර නාවික පෙදෙස භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එම නෞකාවේ නිරික්‍ෂණ චාරිකා වාරයක නිරතවන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු සුහද අත්පන්දු තරඟයක් සඳහාද සහභාගිවන ලදි.