නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 58 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 58 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම, කඩොලාන පරිසරය විනාශ කිරී සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගැනීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 10 වන දින වයඹ නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී රොදාපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැලක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 10 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ලංකාපටුන ප්‍රදේශයේ සහ කොනේශ්වරම් කෝවිලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී  නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් 04 සහ ඩිංගි යාත්‍රා 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරුගල් සහ ත්‍රීකුණාමලය, ධීවර පරීක්‍ෂකවරු වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 11 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළාරක්‍ෂක කුඩා යාත්‍රා දෙකකට (02) අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී රවුන්ඩ් දුපත හා කොනේශ්වරම් කොවිලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් 03, ඩිංගි යාත්‍රා 02 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 70 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල්, ඩිංගි යාත්‍රා, අල්ලන ලද මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නැගෙනහිර නාවික විධානයට අයත් වෙරුගල් ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 12 දෙනෙකු පසුගිය සැප්තැම්බර් 11 වන දින අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් 02 සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරුගල්, ධීවර පරීක්‍ෂකවරු වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 12 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් කල්ලඩිචේනි ප්‍රදේශයේ  නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, වල්ලම් යාත්‍රාවක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 15 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල, වල්ලම් යාත්‍රාව සහ අල්ලන ලද මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 12 වන දින පා මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් වංකාලේ මුහුදු වෙරළ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස කඩොලාන ශාක කැපු පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ පිහියක් සහ කපන ලද කඩොලාන ශාක 48 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, පිහිය සහ ශාක ඉදිරි නීතිමය කටයුතු සඳහා වංකාලේ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාව මඟින් ලබා දෙන ලද තොරතුරකට අනුව යාපනය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 13 වන දින යාපනය, කොන්ඩාවිල් ප්‍රදේශයේදී හෙරෝයින් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 9.88 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ හෙරෝයින් මත් කුඩු ඉදිරි නීතිමය කටයුතු සඳහා කෝපායි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 14 වන දින උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් කිලිනොච්චිය පොලිස් විශේෂකාර්ය බලකාය සමග සම්බන්ධ වී මරදන්කර්නි ප්‍රදේශයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ TNT වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.350 සහ C 4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.295 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය සැප්තැම්බර් 14 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් රෝධාපාඩු මුහුදු ප්‍රදේශයේ ධිවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරත වු  පුද්ගලයින් 06 අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ වියලන ලද  මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1480.5 ක් සහ ඩිංගි යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.