නාවික හමුදාවේ දායකත්වයෙන් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 21 ක් ජනතා අයිතියට
 

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ මුල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 21 ක් ජනතා අයිතියට පත් කෙරිණි
.
ඒ අනුව, 2018 සැප්තැම්බර් 14 වන දින කැකිරාව ප්‍රදේශයේ මහ ඇලගමුව, සිරි සීවලී රජමහා විහාරය, මොරගොඩ, ශ්‍රී අශෝකාරාම විද්‍යාලය, දඹේවටන, පල්ලේගම මහ විද්‍යාලය, යන ස්ථානයන්හී ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර 06 ක් ද, 2018 සැප්තැම්බර් 18 වන දින තඹුත්තේගම ප්‍රදේශයේ පහලගම, ඒරියාගම, කුඩා බල්ලන් කට්ට, පහලගම ග්‍රාමය, සමන් එළිය යන ප්‍රදේශයන්හී ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර 05 ක් ද, සියඹලාගස්වැව විහාරය තලාව, දෙඹට වැව හොරොව්පොතාන, අඹගස්වැව හොරොව්පොතාන යන ප්‍රදේශයන්හී යන්ත්‍ර 03 ක් ද, 2018 සැප්තැම්බර් මස 19 වන දින කහට ගස්දිගිලිය ප්‍රදේශයේ නයා කාපු වැව, මහහල්මිල්ලෑව, බේත්කෑව සන්දික වැව, කැලෑනික වැව විහාරස්ථානය, මී කුඹුක් වැව යන ස්ථානයන්හී ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර 05 ක් සහ 2018 සැප්තැම්බර් මස 20 වන දින ත්‍රිකුණාමළය ශ්‍රී ජයසුමණාරාමය හා මුද්දලම මුස්ලිම් මහ විද්‍යාලය යන ස්ථානයන්හී ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර 02 ක් වශයෙන් පසුගිය සතිය තුල සමස්ත ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර 21 ක් ස්ථාපිත කර ජනතා අයිතියට පත් කරන ලදී.

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ මුල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වකුගඩු රෝගය නිවාරණය උදෙසා දිවයිනේ ප්‍රදේශ රැසක මෙම පිරිපහදු යන්ත්‍ර තවදුරටත් ස්ථාපිත කිරීමේ කටයුතු සිදු කරමින් පවතියි.