කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) උතුරු මුහුදේදී අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 25) කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, වේග ප්‍රහාරක යාත්‍රාව විසින් උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයේදී කන්කසන්තුරයට උතුරින් නාවික සැතපුම් 13 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩා යාත්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට සැක පළ කෙරේ.

මෙම පුද්ගලයින් යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 සහ 39 වන වියේ පසුවන පුද්ගලයින් වන අතර, අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ කුඩා යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.